අනුර සේනානායක නාමල්ට කුණුහරුපෙන් බනියි !

රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිත විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක එම ඝාතනයේ මහ මොළකරු වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට තැන්තැන්වලදී අම්මා මතක්කර කුණුහරුපෙන් බනිමින් සිටින බව වාර්තා වේ.

ඔහු මෙසේ විශේෂයෙන් බනිමින් සිටින්නේ ශ්‍රී ලංකා පොලීසියේ නිළධාරීන් හමුවන විටදීය.

‘මම ඕකගේ කලු කෝට්එක ගලෝලා ජම්පරේ අන්දනව අන්දනවාමයි’ යැයි කියමින් සිටින අනුර සේනානායක මෑතකදී ඉහළම දේශපාලනඥයෙකුට ‘අනේ බුදු සර්, කකුල් දෙක අල්ලලා වඳින්නම්. මාව නං අමාරුවෙ දාන්න එපා. මං දන්න හැම එකක්ම කියන්නං’ යනුවෙන් පවසා තිබේ.

මේ බව සැළකර සිටි අනුර සේනානායකගේ පොලිස් මිතුරන් පවසන්නේ ‘අනුරයා විහින් නා ගත්තෙ. ඕකා උගේ ගැලවීමට ඕන එකෙක්ව පාවලා දෙනවා. රාජපක්ෂලා දිගටම බලේ හිටිය නං අනුර කියාවි තජුඩීන්ව පාර මැද්දෙ දණ ගස්සලා පොල්ලෙන් ඔලුවට ගහලා මැරුවේ වෙන කවුරුත් නෙවෙයි එයාමයි කියලා.’

කෙසේවෙතත් රහස් පොලිස් පරීක්ෂණ අවුල් කිරීම සඳහා මෙම ඝාතනය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම පටලැවීමට උත්සාහයක් තිබුණද මෙම මිනීමැරුම සඳහා ගෝඨාභයගේ කිසිදු සබඳතාවයක් නැති බව පරීක්ෂණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු  හෙළිකර සිටියේය.

ගෝඨාභය හා අනුර සේනානායක සිදුකළ වෙනත් අපරාධ රාශියක් ඇති බවත් ඒවා වෙනම විමර්ශනය කළයුතු බවත් එම නිළධාරියා අපවෙත සඳහන් කර සිටියේය. ගෝඨාභය රාජපක්ෂ සහ අනුර සේනානායක එක්ව සිදුකළ වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීම වැනි ප්‍රබල අපරාධ රාශියක් ඒ අතර වේ. ඒ සැම ක්‍රමාණුකූලව හෙලිදරව් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ලංකා නිව්ස් වෙබ්

Comments

comments