අධිරාජ්‍යවාදීන් විසින් ද්‍රෝහීන් ලෙස නම් කළ තවත් 980 ක් විරුවන් ලෙස නම් කරන්න ඉල්ලීමක්

බ්‍රිතාන්‍යයන්ට එරෙහිව සටන් වැදී දේශද්‍රෝහීන් ලෙස නම් කෙරුණු තවත් ජාතික වීරයින් 980 කට අදාළ ගැසට් නිවේදනය අක්‍රීය කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව වීර මොනරවිල කැප්පෙටි‍පොල ජාතික පදනම පවසනවා. එම පදනම පෙන්වා දෙන්නේ   1817 සිට 1948 නිදහස ලැබෙනතෙක් අවස්ථා තුනකදී බ්‍රිතාන්‍ය ජාතික පාලකයින් දේශද්‍රෝහින් ලෙසට නම් කළ රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදු 980 දෙනෙකු තවදුරටත් පිරිස් ලෙස නම් කර සිටින බවයි.

ඒ අනුව අදාළ විරුවන් දේශද්‍රෝහි ‍ලේඛනයෙන් ඉවත් කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටයි මේ අනුව තීරණය කර ඇත්තේ.

මේ අතරට 1818 කැරැල්ලේ දෙවන පෙල ලෙස කටයුතු කළ විරුවන් 34ක්ද ඇතුලත්.

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් වීර කැප්පෙටිපොල අධිකාරම්තුමන් ඇතුලු විරුවන් 19 දෙනකු ද්‍රෝහීන් ලෙස නම් කර තිබූ ගැසට් නිවේදනය බල රහිත කර ඔවුන් ජාතික විරුවන්ලෙස නම් කළා.

වීර මොනරවිල කැප්පෙටි‍පොල ජාතික පදනමේ ‍ලේකම් මොහොට්ටාල වළව්වේ සෝමරත්න මහතා ප්‍රකාශ කළේ එම විරුවන්ට හිමිවිය යුතු ජාතියේ නිසි ගෞරවය මේ යටතේ ලබාදීමට අපේක්ෂා කරන බවයි.

Comments

comments